AI පිළිබඳ පාඨමාලා අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය

කෘතිම බුද්ධිය පිළිබඳ පාඨමාලා අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීම සඳහා වන  නියමු ව්‍යාපෘතිය Microsoft ආයතනයේද සහාය ඇතිව ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිව හිමිව තිබෙනවා.

කෘතිම බුද්ධිය පිළිබඳ පාඨමාලා අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීම සම්බන්ධයෙන් 2023.10.02 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගත් අවස්ථාවේදී කෘතිම බුද්ධියට අදාළව ජාතික උපායමාර්ගයක් සහ සැලැස්මක් සකස් කිරීම පිණිස පත් කරනු ලැබ ඇති කාර්යසාධක බලකාය විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශයන්ට අනුගතව යෝජිත පාඨමාලා හඳුන්වා දිම සුදුසු බවට තීරණය කළ බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

අනුව, අදාළ උපායමාර්ග සැලැස්මේ එක් අංගයක් වශයෙන් සාමාන්‍ය අධ්‍යාපනයට අදාළව කෘතිම බුද්ධිය පිළිබඳ පාඨමාලා හඳුන්වා දීම පිණිස නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

news images