බෙල්ලන්විල නාහිමි සමරා ‍ලේ දන් දෙති බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරීව වැඩ විසූ අපවත්වී වදාළ බෙල්ලන්විල විමලරතන අනුනායක හිමියන්ගේ හයවැනි ගුණානුස්මරණ පින්කමට සමගාමීව 11 වැනි දින බෙල්ලන්විල ශ්‍රී සෝමරතන විශ්‍රාම ශාලා පරිශ්‍රයේදී ලේ දන්දීමක් පැවැත් විණි.

බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරීව වැඩ විසූ අපවත්වී වදාළ බෙල්ලන්විල විමලරතන අනුනායක හිමියන්ගේ හයවැනි ගුණානුස්මරණ පින්කමට සමගාමීව 11 වැනි දින බෙල්ලන්විල ශ්‍රී සෝමරතන විශ්‍රාම ශාලා පරිශ්‍රයේදී ලේ දන්දීමක් පැවැත් විණි.
මෙම ලේ දන්දීමේ කඳවුර බෙල්ලන්විල විහාරස්ථ ප්‍රජා සංවර්ධන පදනම විසින් සංවිධානය කරනු ලැබූ අතර ඒ සඳහා රත්මලාන ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් හා ප්‍රදේශවාසිහු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.
එම අවස්ථාව බෙල්ලන්විල රාජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් සමඟ බොරලැස්ගමුව පේමරතන හිමි ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.