දාලා ගිය ජනාධිපති වුනේ ගෝඨාභය, සියදිවි නසාගත් ජනාධිපති වෙන්නේ අනුර – තිස්සකුට්ටිආරච්චි

ඇත්ත ප්‍රකාශ කර රට භාර ගන්නා ලෙසත් බොරු ප්‍රකාශ කර රට භාර නොගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි පවසනවා.

පාලනයේ පීඩනය දරාගත නොහැකිව අතරමග දමා ගිය නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉතිහාසගත වී ඇති බවත්, යම් කිසි හෙයකින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් අනුර කුමාර දිසානායක ජනාධිපති වුවහොත් පළවෙනි සියදිවි නසාගත් ජනාධිපති ලෙස ඔහු ඉතිහාසගත වන බවයි (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

අනුර කුමාරගේ ආණ්ඩුවක් තුළ අමුල් සමාගමට ලංකාවට පැමිණීමට ඉඩ දෙනවාද, ඉඩම් ලබාදෙන්නේ කෙසේද යන්න ප්‍රකාශ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි වැඩිදුරටත් විමසා සිටියා