අනුරාධපුර නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ

අනුරාධපුර පොලිස් කොට්ඨාසය භාර, 36 වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස තිළිණ හේවාපතිරණ මහතා ඉකුත් 10 වැනිදා අනුරාධපුර පිහිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේදී වැඩ භාර ගත්තේය.

මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකු වූ තිළිණ හේවාපතිරණ මහතා, ශ්‍රී ලංකා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධාරියෙකි. 2008 වසරේදී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට බැඳී ඇති ඒ මහතා හලාවත, පුත්තලම, මාතර, මාතලේ, නුගේගොඩ සහ පොලිස් මූලස්ථානයට අනුයුක්තව සේවය කර තිබේ. තිළිණ හේවාපතිරණ මහතා මෙම තනතුරේ වැඩ භාර ගැනීමට පෙර පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය භාර අධ්‍යක්ෂවරයා ලෙස සිය රාජකාරී කටයුතු කරමින් සිටියේය.