SL vs AFG 2nd ODI : ශ්‍රී ලංකාවට ලකුණු 155 ක විශිෂ්ට ජයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ දෙවන එක්දින තරගය ලකුණු 155 කින් විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 308 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක කුසල් මෙන්ඩිස් ලකුණු 61 ක්, සධීර සමරවික්‍රම ලකුණු 52 ක්, ජනිත් ලියනගේ ලකුණු 50 ක්, නොදැවී විශිෂ්ට ලෙස නොදැවී පන්දුවට පහරදුන් චරිත් අසලංක 97 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Azmatullah Omarzai කඩුලු 3 ක්, Fazalhaq Farooqi, Noor Ahmad, Qais Ahmad එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 34 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 153 ක් පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 4 ක්, ඩිල්ෂාන් මදුෂංක කඩුලු 2 ක්, අසිත ප්‍රනාන්දු කඩුලු 2 ක් හා ප්‍රමෝද් මදුෂාන් එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදී තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ලකුණු පුරුව පහතින්.

news images news images news images