Shell – RM Parks සහ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ගිවිසුමකට එළඹෙයි

Shell – RM Parks සමාගම සහ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම, ඉන්ධන ගබඩා කිරීම හා බෙදාහැරීමේ ගිවිසුමකට අද (12) එළඹ තිබෙනවා.

ඒ අනුව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට, Shell – RM Parks සමාගමට අයත් ඉන්ධන තොග මෙරට තුළ ගබඩා කිරීම හා බෙදාහැරීම ආශ්‍රිත කටයුතු සඳහා ප්‍රතිපාදන සැලසෙන බවයි සඳහන් වන්නේ.

2023 වසරේ ජූලි මස 08 දින ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම හා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය එක්ව පූර්ව එකඟතා ගිවිසුමකට අත්සන් තැබූ අතර, අදාළ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කඩිනමින් ඇරඹීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ උපදෙස් මත මෙම ලිවිසුම් ගතවීම සිදුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.