Online Safety පනත හරහා මෙතෙක් කිසිඳු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Online Safety පනත හරහා මෙතෙක් කිසිඳු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලීසිය පවසනවා.

මේ සම්බන්ධයෙන් එසැණ සිදුකළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මේ බව තහවුරු කළා.

කෙසේ නමුත් තමන් ඇතුළු පිරිසට සමාජ මාධ්‍යයේ මඩ ප්‍රචාරයන් සිදු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පසුගියදා උත්සවයකට එක් වෙමින් ප්‍රකාශ කර තිබුනා.