හිටපු ජනපති මෛත්‍රී ඇමෙරිකාවට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(12) අලුයම ඉන්දියාව හරහා ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

ඔහු මුළින්ම අද දින අලුයම 02.50 ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 284 දරන ගුවන් යානයෙන්  ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින්  ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතය .

මෛත්‍රීපාල සිරිසේන මහතා තවත් එම පක්ෂයේ නිලධාරීන් දෙදෙනෙකු මෙම ඇමෙරිකානු  සංචාරය සදහා රැගෙන ගොස් ඇති අතර ඔවුන් ශ්‍රී ලාංකිකයන් සහභාගී වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනහමු කීපයක් එහිදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය අධ්‍යක්ෂ ප්‍රභාත් මාතරගේ මහතා පැවසීය .

මෙම ජනහමු මාලාව එළඹෙන 02/15 දින සිට ආරම්භ කිරීමට නියමිත බව ද මාධ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.