සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට වැඩ වර්ජනයක

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට (13) උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (12) පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම වෘත්තීය සමිති සඳහන් කළේ.

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක සාමාජිකයින් ඉල්ලා සිටින්නේ වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 දීමනාව තමන්ට ද ලබාදෙන ලෙසයි.