රනිල් ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න වේගවත් වැඩකොටසක් කරනවා – මෛත්‍රී

මැතිවරණය කල් දැමීම සඳහා ජනාධිපතිවරයා ව්‍යවස්ථා සංශෝධනයකට සූදානම් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

වත්මන් ජනාධිපතිවරයා විසින් ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා හිටපු කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් නීතීඥ කණ්ඩායමක් පත්කර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ඉක්මනින් කටයුතු කරමින් ඇති බවයි ජන හමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ඒ අනුව ජනමත විචාරණයක් පැමිණේවිද, නැතහොත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වේවිද යන්න ගැටලු සහගත බවත්, ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතු අතර ඉදිරියට එන ඡන්දය කුමක්ද යන්න නිසි ලෙස ප්‍රකාශ කිරීමට නොහැකිවීම හේතුවෙන් ඉලක්කගතව වැඩ කිරීමට නොහැකි වී ඇති බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් සඳහන් කළේ.