බලධාරීන් හා සෞඛ්‍ය වෘත්තීය සමිති අද තීරණාත්මක සාකච්ඡාවක්

මුදල් අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය හා සෞඛ්‍ය වෘත්තීය සමිති සාමාජිකයින් ඇතුළත් නිල කමිටුවේ සාකච්ඡාවක් අද (12) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කළේ, එම සාකච්ඡාවේදී එළැඹෙන තීරණ අනුව ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක සාමාජිකයින් ඉල්ලා සිටින්නේ වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 දීමනාව තමන්ට ද ලබාදෙන ලෙසයි.