උණුසුම් කාලගුණයත් සමඟ චර්ම රෝග වැඩිවෙලා – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

මේ දිනවල පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් චර්ම රෝගවල ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ඒ අනුව දරුවන්ට දිනකට දෙවරක් හෝ ස්නානය කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවත්, ​චර්ම රෝග ඇති අයෙක් නම් උදෑසනට හා රාත්‍රීයට විනාඩි 20ක පමණ කාලයක් ජලයේ සිටීමෙන් එම තත්ත්වය යම් දුරකට පාලනය කරගත හැකි බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

එමෙන්​ම නිසි පරිදි ජලය හා දියර වර්ග පානය කිරීමට කටයුතු කළ යුතු බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කරනවා.