ඉන්දියානු සංචාරකයින් සඳහා UPI ගෙවීම් පද්ධතිය මෙරටට හඳුන්වා දෙයි

ඉන්දියාවේ ඒකාබද්ධ ගෙවීම් පද්ධතිය වන UPI හරහා ඉන්දියානු සංචාරකයින්ට මෙරටදී මුදල් ගෙවීම් සිදුකිරීමේ හැකියාව අද (12) හඳුන්වා දී තිබෙනවා.

ඉන්දියානු UPI ගෙවීම් පද්ධතිය මඟින් බලගැන්වෙන PayTM සහ PhonePe වැනි ජනප්‍රිය ඉන්දියානු Payment Apps හරහා මෙරට වෙළඳුන්ට LankaQR ඔස්සේ මුදල් ගෙවීමේ හැකියාව මෙමඟින් හිමිවන බවයි වාර්තා වන්නේ.

මෙම ක්‍රමය කොළඹ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙන බවද, එමගින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට හැකිවනු ඇති බවද විදේශ අමාත්‍ය අලි සබ්රි සඳහන් කළා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මාර්ගගත සහභාගීත්වයෙන් අද පැවති උත්සවයකදී UPI ගෙවීම් පද්ධතිය මෙරටට හඳුන්වා දුන්නා.