විදුලි ගාස්තුව ගැන සමීක්ෂණ අයාතනයේ කරුණු පිළිගන්න බැහැ – කංචන විජේසේකර

දකුණු ආසියාවේ වැඩිම විදුලි ගාස්තුවක් අය කරන රට ශ්‍රී ලංකාව බවට වෙරිටේ රිසර්ච් ආයතනය ඉදිරිපත් කළ කරුණු පිළිගත නොහැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව එම සමීක්ෂණය සඳහා තොරතුරු පාදක කරගෙන තිබුණේ ජනතාව නොමග යවන ආකාරයට බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම සමීක්ෂණ සිදුකරන්නේ මැතිවරණයක් පවතින අවස්ථාවක යම් කණ්ඩායමගේ අවශ්‍යතාවයකටදැයි ගැටලුවක් පවතින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී එය පෞද්ගලික අංශයට ලබාදෙනවාද යන්න සම්බන්ධයෙන් තවමත් කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණ වන්නේ පවතින සේවාවන් කාර්යක්ෂම කිරීම, ගුණාත්මක විදුලිබලයක් ලබාදීම හා පවතින කාර්යන් විනිවිද භාවයෙන් සිදුකිරීම බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.