පිලිපීනයේ නායයාමෙන් අතුරුදන් වූ දරුවෙකු පැය 60කට පසු බේරා ගැනේ

දකුණු පිලිපීනයේ නායයාමකින් අතුරුදන් වූ දරුවෙකු පැය 60කට පසු බේරා ගැනීමට හැකිව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ගැලවුම්කරුවන් විසින් තවත් දිවි ගලවා ගත් අය සොයා ගැනීමේ මෙහෙයුම් අත්හැර දමා ඇති මෙහොතක ඇය බේරා ගැනීමට හැකි වී ඇති බවයි.

පසුගිය අඟහරුවාදා මින්දනාඕ ප්‍රදේශයේ ඩවාඕ ඩි ඕරෝ පළාතේ මසාරා රන් ආකර ගම්මානයක් ආසන්නයේ මෙම නායයෑම සිදුව තිබුණා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ නාය යාමෙන් පුද්ගලයන් 35 දෙනෙකු මියගොස් තවත් 77 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවයි