ජනවාරියේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 487.6ක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙම වසරේ ජනවාරි මාසය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 487.6ක් මෙරටට එවා තිබෙනවා.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව සඳහන් කළා.

එය පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 11.4%ක වැඩි වීමක් බව සඳහන්.

පසුගිය වසරේ ජනවාරි මාසයේ දී ‍විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 437.5ක් එවා තිබුණා.