ජනපති යළි දිවයිනට

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවති 07 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (10) කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

ජනාධිපතිවරයා සමග එහි ගොස් සිටි දූත පිරිස ද එතුමා සමග ආපසු පැමිණ තිබුණි .ඔවුන් ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපොළ වෙත මුළින්ම පැමිණ තිබුණි .

ඉන්පසුව එතැන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ජනාධිපතිවරයා ඉකුත් 08 වැනි දින ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.