ඉන්දියන් බිත්තර සතොසට එන දවස

මෙම වසරේ මෙරටට ඇනවුම් කළ බිත්තර මිලියන 7 ක තොගයෙන් පළමු තොගය මෙරටට ලැබුණු බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව සදහන් කරයි.

ඒ අනුව, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පරික්ෂාවලින් අනතුරුව එළඹෙන සතිය ආරම්භයේදී එම බිත්තර සතොස වෙත බෙදා හැරීමට කටයුතු කරන බව එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.

මෙම සතියේ තවත් බිත්තර මිලියන 10 ක් සඳහා ඇනවුම් භාරදී ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.