පාකිස්තාන පාසල් සිසු පිරිසක් ශ්‍රී ලංකාවේ සුහද සංචාරයක

සුහද සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්තානයේ කරච්චි නුවර පිහිටි පෞද්ගලික පාසලක් වන Academia Civitasහි ශිෂ්‍ය කණ්ඩායමක් කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යලය වෙත ඊයේ (9) පැමිණියහ. එම පාසලේ දැනට ඉගෙනුම ලබන 6 ශ්‍රේණියේ සිසුන් 21 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස පැමිණි බව පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය පවසයි. විදුහල්පති අල්මාස් රියාස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඔවුන් මේ සංචාරයේ නිරතව සිටින අතර වැඩබලන මහ කොමසාරිස් වජිඩ් හසන් හෂ්මි මහතා සහ මහකොමසාරිස් කාර්යාලයේ අනෙකුත් නිලධාරීන් විසින් එම ශිෂ්‍ය කණ්ඩායම පිළිගගෙන තිබේ.

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවතින විශිෂ්ට සහෝදර සබඳතා පිළිබඳ සිසුන් මෙහිදී දැනුවත් කර තිබෙන අතර, කණ්ඩායමට සත්කාරකත්වය සැලසීම සම්බන්ධයෙන් පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයට පාසලේ විදුහල්පතිවරිය ස්තුතිය පුද කර ඇත.