SL vs AFG 1st ODI : ඇෆ්ගනිස්ථානයට ලකුණු 382 ක ඉලක්කයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 381 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 88 ක් හා සධීර සමරවික්‍රම ලකුණු 45 ක් හා විශිෂ්ට ලෙස පන්දුවට පහරදුන් පැතුම් නිස්සංක නොදැවී ලකුණු 210 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Fareed Ahmad කඩුලු 2 ක් හා Mohammad Nabi එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ඇෆ්ගනිස්ථානයට ලකුණු 382 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ලකුණු පුවරුව පහතින්.

news images