Online Safety පනතේ යම් යම් අඩුපාඩු තිබෙනවා – අධිකරණ ඇමති

සමාජ මාධ්‍ය නියාමනය සඳහා සම්මත කළ Online Safety පනතේ යම් අඩුපාඩු පවතින බවට නිරීක්ෂණය වී ඇති බවට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා.

ඒ අනුව අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරන්නේ නම් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සුදානම් බවයි  (08) පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මෙම පනත සඳහා ඇතුළත් කළ සංශෝධන නීතිපතිවරයා ගැඹුරින් අධ්‍යයනය කර සහතිකයක් ලබාදී ඇති බවත්, මෙය මේ වන විට සම්මත වූ පනතක් හේතුවෙන් විවාද කිරීමේ හැකියාවක් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළා.