යුක්‍රේන හමුදා ප්‍රධානියාව නෙරපයි

යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි විසින් එරට සන්නද්ධ හමුදා ප්‍රධානි ජෙනරාල් වැලෙරි සලුස්නි එම ධුරයෙන් නෙරපා හැර තිබේ.

යුක්‍රේන – රුසියා යුද ගැටුම ආරම්භයේ සිට යුක්‍රේන යුද ප්‍රයත්නයට නායකත්වය දුන් ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි සහ ජෙනරාල් වැලෙරි සලුස්නි අතර මාස කිහිපයක සිට ප්‍රතිවාදි මත පැවතුණි.

ඒ අනුව යුක්‍රේන පාබල හමුදා ප්‍රධානී ඔලේක්සැන්ඩර් සිරස්කි, යුක්‍රේන හමුදා ප්‍රධානී තනතුරට ජනාධිපති නියෝගයෙන් පත් කර ඇත.

කෙසේ නමුත් ජනරාල් වැලෙරි සලුස්නි යුක්‍රේන සොල්දාදුවන් සහ මහජනතාව අතර ජනප්‍රියතම පුද්ගලයා ලෙස සැලකේ.

වැලෙරි සලුස්නිගේ මෑත අනුමත ශ්‍රේණිගත කිරීම්වල දී සෙලෙන්ස්කි ජනාධිපතිවරයාට වඩා ඔහු ඉහළින් සිටියි.