නව කැලණි පාලමේ කොටසක් අද රාත්‍රි​යේ සිට වැසේ

නව කැලණි පාලමෙන් වරාය දෙසට ඇතුළු වන මාර්ගය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වසා තබන බව අධිවේගී මාර්ග සංචාරක පොලීසිය ජනතාවට දැනුම්දෙනවා.

ඒ අනුව කටුනායක දෙසින් කැලණි පාලමට ඇතුළු වී වරාය දෙසට ගමන් කරන මංතීරුව අද (09) රාත්‍රී 9 සිට පෙබරවාරි මස 12 වන දා අලුයම 5 දක්වා වසා තබන බව සඳහන්.

එසේම ඔරුගොඩවත්ත මංසන්ධියේ සිට කැලණි පාලමට ඇතුළු වී වරාය පිවිසුම (ඉඟුරුකඩේ හංදිය) දෙසට යන වාහන සඳහා පාලමේ මැද කොටසින් වසා තැබීමටත් කටයුතු කිරීමට නියමිතයි.

කෙසේ නමුත්, අධිවේගී මාර්ගයේ කටුනායක සිට කොළඹ දක්වා ගමන් කරන වාහනවලට හා ඔරුගොඩවත්තෙන් ඇතුළු වී කටුනායක දක්වා ගමන් කරන වාහනවලට මෙයින් බාධාවක් ඇති නොවන බව වැඩිදුරටත් සඳහන් වනවා.