ජනපති ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන පාර්ලිමේන්තු විවාදය අද දෙවැනි දිනටත්

9 වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (09) දෙවැනි දිනටත් පැවැත්වෙනවා.

එය කල් තැබීමේ යෝජනා විවාදයක් ලෙස පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අද පාර්ලිමේන්තුව පෙරවරු 9.30 ට ආරම්භ වුණා.