කංසා අපනයනයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුනේ ගිය වසරේදී – ඩයනා ගමගේ

ඖෂධයක් ලෙස කංසා වගා කර අපනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතියක් හිමි නොවුනු බවට බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසුවත් එයට කැබිනට් අනුමැතිය හිමි වූයේ පසුගිය වසරේ දී බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

කංසා ශාකය මෙරට වගා කර ඖෂධයක් ලෙසට අපනයනය කිරීමට කැබ්නට් අනුමැතිය හිමි වුණු බවට සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පසුගිය 05 වැනි දා ප්‍රකාශ කළා.

නමුත් පසුව කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ එවැනි අනුමැතියක් කැබිනට් රැස්වීමේ දී නොලැබුණු බවයි.