එළඹෙන සතිය ආරම්භයේ ඉන්දීය බිත්තර සතොසට

මෙම වසරේ මෙරටට ඇනවුම් කළ බිත්තර මිලියන 7 ක තොගයෙන් පළමු තොගය මෙරටට ලැබුණු බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පරික්ෂාවලින් අනතුරුව එළඹෙන සතිය ආරම්භයේදී එම බිත්තර සතොස වෙත බෙදා හැරීමට කටයුතු කරන බවයි එහි සභාපති ආසිරි වලිසුන්දර ප්‍රකාශ කළේ.

මෙම සතියේ තවත් බිත්තර මිලියන 10 ක් සඳහා ඇනවුම් භාරදී ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.