ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ජනවාරි ඉහළ නැංවීමට කටයුතු කරනවා – ෂෙහාන් සේමසිංහ

ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නංවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව රුපියල් 5,000ක්ව පැවැති ආබාධිත සහ වකුගඩු දීමනාව රුපියල් 7,500ක් දක්වා ද, රුපියල් 2,000ක්ව පැවැති වැඩිහිටි දීමනාව රුපියල් 3,000 දක්වා ද ඉහළ නංවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ සිටින ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ලැබීමට සුදුස්සන් මෙම වසරේ පළමු කාර්තුව තුළ හඳුනාගැනීමට නියමිත අතර ඉන් පසු ඔවුන්ට ද මෙම වැඩිකළ දීමනාව අප්‍රේල් මස 01 සිට ලබාදීමට නියමිතයි.

මාර්තු මස 31 අවසන් වීමට නියමිතව තිබූ අස්වැසුම ප්‍රතිලාභ යටතේ අවදානමට ලක් වූ සහ සංක්‍රාන්තික කාණ්ඩයේ ගෙවීම් දෙසැම්බර් මස 31 දක්වා සිදුකරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.