අස්වැසුම සඳහා නව අයදුම්පත් කැඳවීම හෙට සිට

නව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 4 ක් තෝරාගැනීමට අයදුම්පත්‍ර කැඳවීම හෙට (10) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී විවිධ පාර්ශ්වවලින් ලද යෝජනා අනුව ඇතැම් නිර්ණායක සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

පවුල් තෝරා ගැනීමේදී සිදුවූ නිර්ණායක ප්‍රකාරව යමෙකුට මෙම වැඩපිළිවෙලට අයදුම් කිරීමට නොහැකි වූයේ නම් මේ හරහා ඔවුන්ට ද අයදුම් කිරීමට හැකියාව පවතින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.