අනුර ඇතුළු පිරිස කේරලයේ Vikram Sarabhai අභ්‍යාවකාශ මධ්‍යස්ථාන​යේ සහ Technopark හි සංචාරයක

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ වාමාංශික සන්ධානය බලය හොබවන කේරල ප්‍රාන්තයේ අද (09) සංචාරයක නිරත වී තිබෙනවා.

එහිදී කේරල ප්‍රාන්ත ආණ්ඩුවේ කර්මාන්ත හා නීතිය පිළිබඳ අමාත්‍ය P.Rajeeve සාකච්ඡා පවත්වා තිබෙන ඔවුන්, ඉන් අනතුරව ඉන්දියාවේ චන්ද්‍රිකා වැඩසටහන සඳහා අවශ්‍ය රොකට් සහ අභ්‍යවකාශ යානා නිෂ්පාදනය කරන Vikram Sarabhai අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වී එහි අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡාවකට එක් වී තිබෙනවා.

පසුව ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සැපයීමේ විශාලතම තොරතුරු තාක්ෂණ උද්‍යානවලින් එකක් වන තිරුවානන්දපුරම්හි Technopark හි ද ඔවුන් සංචාරයක නිරතවී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව GTech ආයතනයේ ප්‍රධාන ලේකම්වරයා විසින් සිදු කළ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ ඉදිරිපත් කිරීමකට සහභාගිවී ඇති ඔවුන් කේරල විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකටද එක් වී තිබෙනවා.

news images news images news images news images news images news images