අනුර ඇතුළු පිරිස ඉන්දියාවේ i-Hub නවෝත්පාදන මධ්‍යස්ථානයේ සංචාරයක

ඉන්දියාවේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස (08) ගුජරාට් ප්‍රාන්ත ආණ්ඩුවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුබද්ධ i-Hub නවෝත්පාදන මධ්‍යස්ථානයේ (Innovation Hub) සංචාරයක නිරත වී තිබෙනවා.

ශිෂ්‍යයන්ට හා ආධුනික ව්‍යවසායකයින්ට උපදේශන සේවා, විද්‍යාගාර ඇතුළු යටිතල පහසුකම් සපයන සහ ආයෝජකයන් මගින් අරමුදල් සම්පාදනය කර දීමට මැදිහත් වන i-Hub ආයතනය, සිසුන්, බුද්ධිමතුන්, කර්මාන්ත සහ වෙළඳපොළ එකිනෙක සම්බන්ධ කරමින් රාජ්‍ය නියාමනයක් සහිත පහසුකම් සැපයීමේ පද්ධතියක් සංවර්ධනය කිරීමට උපායමාර්ගික මැදිහත්වීම් සිදු කරන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

ඉන් අනතුරුව එම පිරිස අහමදාබාද්හි කෘෂි නිෂ්පාදන නිරෝධාන කර්මාන්ත ශාලාවක් වන GAIC සහ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වන TATA Motors නිරීක්ෂණයටද, සූර්ය බලශක්ති ව්‍යාපෘති නිරීක්ෂණයකටද සහභාගි වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

(07) දිනයේ ඔවුන් ගුජරාට් ප්‍රාන්තයේ ආනන්ද් හි පිහිටි අමුල් කිරි නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලිය ආවරණය කරමින් ක්ෂේත්‍ර චාරිකාවක ද නිරත වී ඇති බව වාර්තා වෙනවා.

news images news images news images news images news images news images