අඩු බර පාන් සහ මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 232 කට නඩු පවරයි

නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 232ක පමණ වැටලීම් සිදුකර නඩු පැවරීමට කටයුතු කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

පාන් සඳහා බර සඳහන් ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසුව පෙබරවාරි 05 වනදා සිට 08 වනදා දක්වා දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී එම පිරිසට නඩු පවරා ඇති බවයි සඳහන් වන්නේ.

පාරිභෝගිකයන්ට යම් පැමිණිල්ලක් ඇත්නම් ඒ සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ ක්ෂණික ඇමතුම් අංකය වන 1977 ට දැනුම්දෙන ලෙසයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉල්ලා සිටින්නේ.