හිරිපිටිය හිමිනමගේ ඝාතනයේ සැකකරුවෙක් කොටු වෙයි

ගම්පහ මල්වතු හිරිපිටිය පොලිස් වසමේ විහාරස්ථානයක හිමිනමක් ඉකුත් ජනවාරි 23  ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වාහනයේ රියදුරු ලෙස කටයුතු කල බවට සැක කෙරෙන පුද්ගලයෙකු ගිනි අවි ජීව උණ්ඩ හා මත්ද්‍රව්‍ය සමග ඊයේ  (07)  රාත්‍රී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  හෝමාගම මුල්ලේගම ප්‍රදේශයේ පදිංචි වීරසිංහ ආරච්චිගේ රසික තරංග පෙරේරා (අවු.29) නැමැති පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී  විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ,T-56 ගිනි අවියක් , උණ්ඩ 15 , T-56 උණ්ඩ යෙදිය හැකි පතොරම් ගැබ් 02 , මිලි මීටර් නමය වර්ගයේ ගිනි අවියක් , මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝල අවියක්, උණ්ඩ 02 , එම උණ්ඩ යෙදිය හැකි පතරම් ගැබක්,
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 මිලි ග්‍රෑම්  300 අංක WP BG 2059 දරණ ව්‍යාජ අංක තහඩු සහිත බජාජ් පල්සර් යතුරු පැදියක් සොයා ගෙන ඇත

අපරාධය සදහා යොදාගත් අංක CAQ 0365 දරණ කාර් රථයේ ස්විච් යතුරක්, ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන තිබේ..

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.