වගා බිමට ආහාර රැගෙන ගිය මව බදුලුඔයට බිලිවෙයි

කන්දකැටිය දඩයම්තලාව ප්‍රදේශයේ දි බදුලුඔයට ඇදවැටිමෙන් අද (08) දහවල් කාන්තාවක මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙහිදි මියගොස් ඇත්තේ යුනිට් 4 /බි /66 , බදුලුඔය ,කන්දකැටිය ලිපිනයේ පදිංචි 72 හැවිරිදි බි.එම් සෝමාවතී නැමැති තිදරු මවකි.

කන්දකැටිය පුවක්කොටුව යාය ප්‍රදේශයේ  ඇයගේ පවුලේ අය විසින් වගා කර ඇති බඩ ඉරිඟු වගාවක අස්වැන්න නෙලිම අද දින  සිදුකරන බැවින් එම අයවලුන් හට දහවල් අහාරය රැගෙන  බඳුලුඔය හරහා ගමන් කිරීමට දමා තිබු ඒ දණ්ඩකින් ගමන් කරමින් සිටියදි ඇය ඔයට ඇදවැටි දිය පහරට හසුව ගසාගෙන ගොස් ඇති බවට කරුණු අණාවරණය වි ඇත

ඒ අනුව පොලිසිය හා ගම්වාසීන් විසින් සිදුකල පරික්ෂාවකදි ඔයේ හි කිලෝ මීටර් එක හමාරක් පමණ දුරක තිබි මෙම කාන්තාව ගේ සිරුර හමුව ඇති අතර ඒ වෙනවිටත් ඇය මියගොස් සිටි බවද පොලිසිය සදහන් කළේය.

මියගිය කාන්තාවගෙ මෘත දේහය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ ඇති බවත් මේ පිළිබඳව මහේස්ත්‍රාත් පරික්ෂණ හා අනෙකුත් පරික්ෂන කටයුතු වලින් අනතුරුව දේහය පශ්චාත් මරණ පරික්ෂණයක්  සඳහා මහියංගණය දිසා රෝහලට රැගෙන යාමට පියවර ගන්නා බවද පොලිසිය කීය.

බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත මහතාගේ උපදෙස් මත කන්දකැටිය වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඒ.එම් ජයතිලක මහතා ගේ මෙහෙයවීමෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකරන බවද පොලිසිය පැවසීය.