පූජා කළාට පස්සෙ හරි මල් වට්ටියට අත ගහන්න – ඇමැති සියඹලාපිටිය

පවතින ක්‍රමය වෙනස් කරන්නැයි උද්ඝෝෂණය කළ විපක්ෂය රට තුළ සැබෑ වෙනසක් ඇති වෙමින් තිබිය දී පාර්ලිමේන්තුවේ  නොමැති බව වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනතාව විපක්ෂයට වඩා අවදියෙන් සිටින බවයි.

දේශපාලන හිතවත්කම් මත සමෘද්ධිය වැනි සමාජ සුබ සාධන වැඩසටහන්වලට ඇතුළත් වීමට ජනතාවට සිදු වූ කාලයක සිට අස්වැසුම වැනි නියම සුදුස්සන් තෝරා පත් කර ගන්නා ක්‍රමවේදයක් සකස් කිරීම ද ක්‍රම වෙනසක් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එසේ ම අවස්ථාව 16 කදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමග ඇති කර ගත් එකගතා පිළිබඳ පාර්ලිමේන්තුවේ දින තුනක් විවාද කිරීම ද ක්‍රම වෙනසක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එහෙත් මේ කිසිදු අවස්ථාවකට දායක වීමට විපක්ෂයට නොහැකි වීම කණගාටුවට කරුණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ තවමත් විපක්ෂය ඊට ප්‍රමාද නොමැති බවයි.

බෞද්ධ දර්ශනයට අනුව මල් වට්ටිය පූජා කරන අවස්ථාවේ ඊට අත ගැසීමට පැකුළුණු කෙනෙකුට පූජා කළ පසු අත ගැසීමෙන් ද එම අනිසංශම හිමි බව අමාත්‍යවරයා සිටියේ ය.

සෙසු ආගම්වල ද පවු සමා කිරීමේ ක්‍රමයන් බවතින බව කියා සිටි අමාත්‍යවරයා ඒ අනුව යමින් හෝ ජනාධිපතිවරයාගේ වත්මන් වැඩපිළිවෙළ සමග එක් වන ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටියේ ය.