පාකිස්ථාන මහ මැතිවරණය පැවැත්වෙන අද දිනයේ එරට සියලුම ජංගම දුරකථන සේවා අත්හිටුවයි

පාකිස්ථාන මහ මැතිවරණය පැවැත්වෙන අද (08) දිනයේ එරට සියලුම ජංගම දුරකථන සේවා අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

නීතිය හා සාමය පවත්වාගෙන යාමේ අවශ්‍යතා​ව උපුටා දක්වමින් පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නීතිය හා සාමය පවත්වා ගැනීමට සහ විය හැකි තර්ජන සමඟ කටයුතු කිරීමට ආරක්ෂක පියවර ගැනීම අත්‍යවශ්‍ය බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.