ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

නවතම ටෙස්ට් පන්දු යවන්නන් අතර 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සමත්ව තිබෙනවා.

ඒ, ඇෆ්ඝනිස්තානය සමග පැවැති ටෙස්ට් තරගයේ දී කඩුලු 8 ක් දවා ගනිමින් ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන්.

ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දිමුත් කරුණාරත්නට හිමිව ඇති අතර, දිනේෂ් චන්දිමාල් 23 වැනි ස්ථානයේත්, ඇන්ජෙලෝ මැතිව්ස් 24 වැනි ස්ථානයේත් පසුවනවා.

news images