ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය පෙබරවාරි 29ට පෙර අවසන් කළ යුතුයි – මැතිවරණ කොමිසම

2024 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීමේ කටයුතු ප්‍රමාද නොවී සම්පූර්ණ කරන ලෙස මැතිවරණ කොමසාරිස් කාර්යාලය සිහිකැඳවීමක් සිදු කර තිබෙනවා.

​අදාළ ලියාපදිංචි කටයුතු පෙබරවාරි 29 වැනිදාට පෙර අවසන් කළ යුතු බවයි එහි කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේ.

තම නිවෙස් වෙත ලැබී ඇති ඡන්ද හිමි නාම ලේඛනයේ වයස අවුරුදු 18ට වැඩි පවුලේ සාමාජිකයින් හෝ නිවසේ රැඳී සිටින පුද්ගලයින් සියලුදෙනාගේ තොරතුරු ඇතුළත් කිරීම අනිවාර්යය බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.