ගුවන් අනතුරකින් චිලි රාජ්‍යයේ හිටපු ජනපතිවරයෙක් මරුට

චිලි රාජ්‍යයේ හිටපු ජනාධිපති සෙබෙස්තියන් පිනේරා, හෙලිකෝප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඔහු රැගත් හෙලිකොප්ටර් යානය, චිලී රාජ්‍යයේ ලාගෝ රැන්කෝ නගරයට නුදුරින් කඩා වැටී ඇති බවයි සඳහන් වන්නේ.

අනතුරට හේතුව පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.