කෝටි 37 ක මැණික් ජාවාරමකට හිමිනමක් ඇතුළු දෙදෙනෙකු දැලේ

යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරක් මත  නීති විරෝධි අයුරින් විකිණීමට උත්සහ කරන ලද කාකා නිල් මැණික් (Sapphire Blue Stone) 2ක් කොස්ලන්ද පොලිසිය විසින්  සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙයි.

මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් මැණික් ගල් රුපියල් කෝටි 37කට අලෙවි කිරීමට සුදානම් කර තිබු අතර, මෙම සිදුවීමට සම්බන්ධව වැලිවේරිය ප්‍රදේශයේ හිමි නමක් ඇතුළුව සැකකරුවන් දෙදෙනෙකු කොස්ලන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත්වු මැණික් ගල්  චෛත්‍යක හැඩයකින් යුක්ත වන අතර, එම මැණික් ගල් නිධන් වස්තු විනාශ කිරීම මගින් ලබා ගෙන ඇති බවට සැක පලකරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර  විමර්ශන  කොස්ලන්ද පොලිසිය විසින් සිදුකරනු ලබයි.