ආදුරුප්පු වීදිය පොලිස් ස්ථානයේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

ආදුරුප්පු වීදිය පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු වැඩ තහනමට ලක්කර තිබෙනවා.

ජින්තුපිටිය ප්‍රදේශයේ වෙඩිතැබීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගෙන එම පොලිස් ස්ථානයේ සිර මැදිරියක රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකුට බාහිර පුද්ගලයෙකු විසින් වස අඩංගු කිරි පැකට්ටුවක් ලබාදීමේ සිද්ධියට අදාළව මෙලෙස ඔවුන්ගේ වැඩ තහනමට ලක්කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එම කිරි පැකට් පානය කිරීමෙන් අනතුරුව ඔවුන් රෝගාතුර වී ඇති අතර පොලීසිය සැක පළ කරන්නේ එයට වස මිශ්‍ර කර තිබෙන්නට ඇති බවයි.