ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අද ඇරඹේ

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අද (08) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම විවාදය අද සහ හෙට යන දින දෙක තුළ පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

9 වැනි පාර්ලිමේන්තුවේ 05 වැනි සභා වාරය ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (07) ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදු කළා.