09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය අද ආරම්භ වෙයි

09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය අද (07) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් එය ආරම්භ කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවේ මුලසුන දරමින් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.