පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට හිරිහැර කරන පුද්ගලයින් සොයා අද සිට මෙහෙයුම්

පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී කාන්තාවන්ට විවිධ අතවර සහ ලිංගික හිංසන සිදු කරන පුද්ගලයන් නීතියේ රැහනට හසු කර ගැනීමේ විශේෂ මෙහෙයුමක් අද (07) සිට ආරම්භ කළ බව පොලීසිය පවසනවා.

ඒ සඳහා රහසිගත කැමරා සහිතව පොලිස් නිලධාරීනියන් සහ සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් 234 ක් අනියුක්ත කර ඇති බවයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිනී රේණුකා ජයසුන්දර සඳහන් කළේ.

එසේම, කාන්තාවන්ට සිදුවන හිංසන සම්බන්ධයෙන් 109 ක්ෂණික අංකයට ඕනෑම කෙනෙකුට තොරතුරු ලබාදීමේ හැකියාව පවතිනවා.