පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ මුල් පුටුව හිටපු ජනපති චන්ද්‍රිකාට

පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩල ප්‍රධානී තනතුරට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පත් කිරීමට තීරණය කර තිබෙනවා.

පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ඊයේ (06) පැවති එහි විධායක සභා රැස්වීමේදී මේ තීරණයට එළඹි බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක තිසර ගුණසිංහ සඳහන් කළේ.

පොදුජන එක්සත් පෙරමුණේ නව නිලධාරී මණ්ඩලය ලබන 22 වැනි දා පත් කිරීමට ද තීරණය කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.