දීර්ඝ කාලීන දුෂ්කරතාවයකින් තොරව අපිට යළි ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගන්න හැකි වුණා – ජනපති

ජනාධිපතිවරයා මේ වන විට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදුකරමින් පවතින අතර එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* ආර්ථිකය මේ අවුරුද්දේ පෙබරවාරි වෙද්දි යහපත් තත්ත්වයට පැමිණ තිබෙනවා. 2022 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.7% ක අයවැය ප්‍රාථමික හිඟයක් තිබියදීත්, 2023 දී ප්‍රාථමික අයවැය අතිරික්තයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

* සංචාරක ව්‍යාපාරයෙන් කැපී පෙනෙන ප්‍රගතියක් ලබාගන්න පුළුවන් වුණා.

* විදුලි බලය අඛණ්ඩව සැපයෙනවා, ගෑස් ගිඟයක් නෑ, ආනයනය සීමවන් බොහෝ ප්‍රමාණයක් ඉවත් කර තිබෙනවා.

* අපේ ආර්ථිකය කඩා වැටුනේ උල්කාපාතයක වේගයෙන්.

* වෙනත් රටවල් මෙන් දීර්ඝ කාලීන දුෂ්කරතාවයකින් තොරව අපිට යළි ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගැනීමට හැකි වුණා.

* මම දේශපාලන වාසි වෙනුවෙන් තීරණ ගත්තේ නෑ, රට වෙනුවෙන් නිවරදි තීන්දු තීරණ ගත්තා.