දැඩි ඉන්දීය විරෝධයක් තිබුණ JVPය අද ඉන්දියාව සමඟ සාකච්ඡා කරනවා – නාමල්

දැඩි ඉන්දීය විරෝධයක සිටි ජනතා විමුක්ති පෙරමුණ අද වන විට ඉන්දීය රජය සමඟ සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

රටට ලැබුණු බොහෝ විදෙස් ආයෝජන යළි හරවා යැවීමට කටයුතු කළේද ජනතා විමුක්ති පෙරමුණ බවයි උත්සවයක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

සාම්පූර් බලාගාරයට එරෙහිව උසාවි යාමට කටයුතු කළේ ඔවුන් බවද, මන්නාරම සුළං විදුලි බලාගාර සදා තිබුනේ නම් ගෝඨාභය රජයට විදුලිය කැපීමට සිදු නොවන බවද ඔහු ප්‍රකාශ කළා.

ජනතා විමුක්ති පෙරමුණ ඉන්දියාවට යාම තුළ ඉදිරියේදී විශාල ආයෝජන ප්‍රමාණයක් ඒමට හැකියාව ඇති බවත් ඔවුන්ගේ වෘත්තීය සමිතිවලට ඒ සඳහා විරුද්ධවීමටද හැකියාවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.