තව කාලයක් යනකම් වාහන ආ​නයනයට අවස්ථාව ලැබෙන එකක් නැහැ – බන්දුල

පවතින විදේශ විනිමය අර්බුදය යටතේ ආනයන සීමාකිරීම් ඉතා සැලසුම් සහගතව සහ සූක්ෂම ලෙස ලිහිල් කළ යුතු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

මෝටර් වාහන ආදිය ගෙන්වීමට තව කාලයකට අවස්ථාවක් නොලැබෙනු ඇති බවට තමා පෞද්ගලිකව විශ්වාස කරන බවයි  (06) පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව හා අනෙකුත් ආයතන විසින් ලිහිල් කරන දෑ පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.