ජාතික ජන බලවේගයේ ලියාපදිංචියට එරෙහිව නාගානන්දගෙන් මෝසමක්

මැතිවරණ කොමිසම විසින් ජාතික ජන බලවේගය ලියාපදිංචි කර ඇති ආකාරය නීතිවිරෝධී බවත්, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙසත් ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනුකර තිබෙනවා.

එම මෝසම තුළින් පෙන්වාදෙන්නේ, ​ජනතා විමුක්ති පෙරමුණේ කොටසක් වන ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම නීතියට පටහැනි බවයි.

ඒ අනුව විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් මෙම මෝසම ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

විනිවිද පෙරමුණ දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම ගත් තීරණයට එරෙහිව ගොනු කර තිබෙන රිට් පෙත්සමකට අදාළව නාගානන්ද කොඩිතුවක්කු විසින් මෙම මෝසම ඉදිරිපත් කර තිබෙනවා.