කෙහෙළිය පරිසර අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය සහ වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ අනුව පරිසර අමාත්‍ය ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව කෙහෙළිය රඹුක්වැල්ල විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් මඟින් දැනුම්දී ඇති අතර ජනාධිපතිවරයා විසින් එය භාරගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.