කළු වලාකුල් මැද රිදී රේඛාවක් එළියට ගන්න පුළුවන් අපේ අපේක්ෂකයාට විතරයි – රංජිත් බණ්ඩාර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවැරදි අවස්ථාවේදී සිය ජනාධිපති අපේක්ෂකයා කරළියට ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසනවා.

මහා ඝණ කළු වලාකුල් මැද රිදී රේඛාවක් එළියට ගැනීමේ හැකියාව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයාට පමණක් බවයි (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන වෙනත් ඕනෑම අපේක්ෂකයෙකු සිය වැඩ පිළිවෙළ ජනතාව ඉදිරියට ගෙන ආ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.